22nd July 2025 19:29:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 ජූලි මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය යටතේ සේවයේ නියුතු ගර්භනී මව්වරුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් එම රෙජිමේන්තු මූලස්ථානයේදී විශේෂ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ පෝෂ්‍යදායී ආහාර, අත්‍යවශ්‍ය ආහාර අතිරේකයන් සහ විශේෂයෙන් පිසින ලද දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.