23rd July 2025 18:44:50 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අජන්තා ද සිල්වා මහත්මියගේ මඟපෙන්වීම මත 2025 ජූලි මස 19 දින 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී එම බලකාය යටතේ සේවයේ නියුතු සෙසුනිලයන් 25 දෙනෙකුගේ සහ සිවිල් සේවක මහත්වරුන් 10 දෙනෙකුගේ දුවා දරුවන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.