23rd July 2025 18:46:11 Hours
7 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙතින් එම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්වරුවන්ගේ දුවා දරුවන් වෙනුවෙන් ත්‍යාග වවුචර්පත් බෙදාදීමේ වැඩසටහනක් 2025 ජූලි මස 05 දින අතුරුගිරියේ පිහිටි එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
7 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.සී පෙරේරා USP ගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන අතරතුරදී, නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්වරුවන්ගේ දුවා දරුවන් 22 දෙනෙකු වෙත ත්‍යාග වවුචර්පත් ප්‍රදානය කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනුපමා රත්නායක මහත්මිය සහභාගි විය.