21st July 2025 16:22:15 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දිඹුලාගල ශ්‍රී මහා කාශ්‍යප දහම් පාසල, දිඹුලාගල පිරිවෙන සහ දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සාමනේර භික්‍ෂූන් වහන්සේලා සහ සිසු සිසුවියන් 176 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 ජූලි මස 20 දින දිඹුලාගල, රජමහා විහාරස්ථානයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි වූ අතර, එහිදී එක් සිසුවෙකුට රුපියල් 7,500.00 ක් පමණ වටිනාකමකින් යුත් පාසල් බෑග්, පොත්, ලිපිද්‍රව්‍ය සහ පාසල් නිලඇඳුම් වවුචර් පිරිනමන ලදී.
මීට අමතරව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම අධ්‍යයන ආයතනයන්හි ගුරු භවතුන් 23 දෙනෙකු වෙනුවෙන් ද පරිත්‍යාගයන් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.