Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st July 2025 16:08:44 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ අභිමානවත් 31 වන සංවත්සර දිනය වෙනුවෙන් 2025 ජූලි මස 25 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි. සංවත්සර සැමරුමට සමගාමීව, එම ඒකකයේ භටපිරිස් විශේෂ බලකා සේවා වනිතා ශාඛාව සමඟ එක්ව ජනකපුර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 38 දෙනෙකු වෙනුවෙන් 2025 ජූලි මස 18 දින පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.

මෙම වැඩසටහන අතරතුරදී, එම සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ සහ පෝෂ්‍යදායී ආහාර වලින් සමන්විත ත්‍යාග පාර්සල් බෙදාදීමෙන් අනතුරුව දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.කේ.පී.ජී.ඩී.පී.බී ප්‍රේමචන්ද්‍ර RWP RSP USP psc, විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.