Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th July 2025 13:52:21 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් රෝද පුටු පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත එම ඒකකය විසින් 2025 ජූලි මස 17 දින එම ඒකක කාර්යාල පරිශ්‍රයේදී රෝද පුටු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

ඒ අනුව මෙම වැඩසටහන අතරතුරදී, 2009 මාර්තු මස 28 දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව කකුල් දෙකම අහිමි වූ 8 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කොමිෂන් නොලත් නිලධාරියෙකුට සහ 2000 සැප්තැම්බර් මස 17 දින යාපනය, සරසාලෙයි ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාරයක ලක්ව දකුණු ඇස ආබාධිතව ශරීරයේ වම්පස කොටස අංශභාග තත්ත්වයට පත්ව සිටින 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් එක රෝද පුටුවක වටිනාකම 700,000.00 වන රෝද පුටු දෙකක් මෙම වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරිත්‍යාග කරන ලදී.

එසේම, යුද්ධ හමුදා මූලස්ථානයේ කාර්යාල කාර්යය සහයකයෙකුගේ භාර්යාවගේ පියාට සහ හෘද රෝගයකින් පෙළෙන යුද සේවා ලේකම් ශාඛාවේ සිවිල් සේවක මහතෙකුගේ මවක් වෙනුවෙන් ද මෙහිදී රෝද පුටු පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.