18th July 2025 13:56:17 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්‍ෂණය මත එම සේවා වනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රි ලංකා පාබල හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී.
නව නිවස විවෘත කිරීමේ උත්සවය 2025 ජූලි මස 13 දින පැවති අතර එහිදී, 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් නිවාසලාභීයා වෙත නව නිවසේ යතුරු භාරදෙන ලදී.