Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th July 2025 13:50:47 Hours

විශ්‍රාම දිවියට පා තබන විරු කැකුළු පෙරපාසල් ගුරුවරියන්ගේ සේවය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ පැසසුමට

දිවයින පුරා පිහිටි විරු කැකුළු පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයන්හි සේවයේ නියුතු නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන පෙර පාසල් ගුරුවරියන් අටදෙනෙකු වෙත උපහාර දැක්වීමේ අරමුණින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 ජූලි මස 17 දින එම ඒකක කාර්යාල පරිශ්‍රයේදී සේවා ඇගයීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී දිසානායක මහත්මිය සහභාගි විය.

වැඩසටහන අතරතුරදී, සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් කුඩා ළමුන්ගේ දැනුම වැඩිදියුණු කරමින් ඔවුන් හැඩගැස්වීම සඳහා එම ගුරුවරියන් වසර ගණනාවක් පුරාවට දැක්වූ දායකත්වය සහ කැපවීම වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළකරන ලදී.