Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th July 2025 09:58:11 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිරෝෂිකා කරුණාපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව 2025 ජූලි මස 12 දින ශ්‍රී ලංකා පිළිකා සංගමයට අයත් ගාල්ල ශාඛාවේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම උත්සවය අතරතුරදී, කරාපිටිය, රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ රැකවරණය සහ සුවපහසුව වෙනුවෙන් රු. 200,000.00 ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සියලුම බලඇණි සිය දායකත්වය ලබා දෙන ලදී. මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.