Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th July 2025 13:40:36 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාව විසින් නිවාස කළමනාකරණය පිළිබඳ දේශණයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2025 ජූලි මස 11 දින ක්ලැපන්බර්ග් හිදී නිවාස කළමනාකරණය පිළිබඳ දේශණයක් පවත්වන ලදී.

නිලධාරින්ගේ සහ සෙසු නිලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා පෞද්ගලික ජිවිතය සහ පවුල් ජීවිතය කළමනාකරණය කරගැනීම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ අරමුණනින් පවත්වන ලද මෙම දේශණය බ්‍රිගේඩියර් ජී.ආර්.එස් ධර්මරත්න USP විසින් සිදුකරන ලදී. එහිදී සෞඛ්‍ය සම්පන්න පවුල් සබඳතා පවත්වා ගැනීම සහ මූල්‍ය කළමණාකරනය ප්‍රයෝගිකව සිදුකරන ආකාරය පිළිබඳව මූලිකව සාකච්ඡා කෙරෙණි.