Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th July 2025 16:31:05 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් සිවිල් සේවක මහතෙකුගේ පවුලේ සාමාජිකයෙකුට සහයෝගය දක්වයි

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ, 2025 ජූලි මස 10 දින පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන උදර පිළිකාවකට මහරගම, අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින 10 ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවයේ නියුතු භෝජනාගාර සිවිල් සේවක මහතෙකුගේ බිරිඳට සහයෝගයක් වශයෙන් පවත්වන ලදී.

එහි දී මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තුළ පවුලේ බර ලිහිල් කිරීම අරමුණු කරගනිමින් රු. 15,000.00 ක මූල්‍ය ආධාර සහ පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. තවද, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සමාජිකාවන් රෝහල වෙත පැමිණ ඇගේ තත්ත්වය සොයා බලා ඇයට මානසික සහනයක්ද ලබා දුන්හ.