16th July 2025 09:05:47 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් කඹුරුපිටිය, අභිමංසල - 2 සුවතා නිකේතනයේ නේවාසික රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම පිළිබඳව සොයාබැලීමේ අරමුණින් එම සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරතවිය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සමඟින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය සහභාගි වූහ.
මෙම සංචාරය අතරතුරදී, එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සහ ඔවුන්ගේ භාරකරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ශබ්දවාහිනී යන්ත්‍රයක් ද පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන අතරතුරදී, විනෝදාත්මක වැඩසටහනක් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගි වූහ.