11th July 2025 15:49:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ශිරානි විජේකෝන් මහත්මිය 2025 ජූලි මස 09 දින රාජකාරි භාරගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ කාන්තා නිලධාරිනියන් එම ශාඛාවේ නව සභාපතිනිය වෙත සිය සුබපැතුම් එක්කළහ.