11th July 2025 15:42:10 Hours
ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත වැලිසර, ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් 2025 ජූලි මස 09 දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම අවස්ථාවේදී, සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් කාන්තා වාට්ටු අංක 06 හි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් රුපියල් මිලියන 9 කට අධික වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඒකක ඇඳන් තුනක් පරිත්‍යාග කරන ලදී.