Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th July 2025 15:25:12 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සුභසාධන ආයතනවල රාජකාරි සිදුකරනු ලබන භටපිරිස් සඳහා දිවා භෝජන සංග්‍රහයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට අනුබද්ධ සුභසාධන ආයතනවල සේවය කරන යුද්ධ හමුදා භටපිරිස් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 ජූලි මස 04 දින මුල්ලේරියාව, සන්ෆ්ලවර් ගම්මානයේදී දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි වූ අතර, එහිදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් සමඟ සුහද කතාබහක නිරත විය.

සුහද පිළිසදරකින් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරමින්, යුද්ධ හමුදාවේ සුභසාධන මෙහෙයුම් සඳහා ඔවුන් කැපවීමෙන් සිදුකරනු ලබන සේවය අගය කරන ලදී. අනතුරුව මෙම වැඩසටහන කැලිප්සෝ සංගීත සංදර්ශනයකින් වර්ණවත් විය.

මෙම වැඩසටහනේ තවත් එක් අංගයක් ලෙස, එලායන්ස් ෆිනෑන්ස් ආයතනයෙහි අනුග්‍රහක දායකත්වය ඇතිව භටපිරිස් වෙත අඹ පැළ බෙදා දෙන ලදී.