Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2025 15:57:24 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස අජන්තා ද සිල්වා මහත්මිය විසින් 2025 ජූලි මස 02 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

පසුව, නව සභාපතිනිය එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී යුද්ධ හමුදා සෙබළුන්ගේ සුභසාධනය සහ යහපැවැත්ම වෙනුවෙන් තම අනාගත සැලසුම් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc, එම සේවා වනිති ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වූහ.