Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th July 2025 22:19:10 Hours

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ මඟපෙන්වීම යටතේ, 7 සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමඟාමීව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා 2025 ජූලි මස 4 දින මුල්ගල් තැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සහභාගි විය.

දිවංගත ප්‍රීති වීරවර්ධන මහතාට පිං අනුමෝදන් කරමින් ඔහුගේ භාර්යාව වන සොයිසා වීරවර්ධන මහත්මිය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා සිය මූල්‍ය අනුග්‍රාහක දායකත්වය ලබාදෙනු ලබයි.