Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd July 2025 15:56:54 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් සුභසාධන වැඩසටහන් කිහිපයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 ජුනි මාසයේ සුභසාධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනේ එක් අදියරක් ලෙස, කොට්ටාව, ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් 1,500 දෙනෙකු වෙත කිරි තේ බෙදාදුන් අතර, ඒ සඳහා 10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් හි දායකත්වය හිමිවූහ. එමෙන්ම, අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් තිදෙනෙකුගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රුපියල් 70,000.00 ක වටිනාකමකින් යුත් ඖෂධ පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.