Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd July 2025 14:46:52 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස කුමාරි පල්ලෙකුඹුර මහත්මිය 2025 ජුනි මස 30 දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

මෙම උත්සවයට සමගාමීව, පිළිකා රෝගයට ප්‍රතිකාර ලබන කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ භාර්යාවක් වෙත රෝද පුටුවක් පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.