01st July 2025 14:54:49 Hours
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස උදාරි අනුපමා ගමගේ මහත්මිය 2025 ජුනි මස 26 දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
නව සභාපතිනිය රාජකාරි භාරගැනීමෙන් අනතුරුව රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු වෙත සිය නිවසේ නාන කාමරයක් ඉදිකිරීම සඳහා රුපියල් 25,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.