01st July 2025 12:15:59 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂි හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස නිරෝෂිකා කරුණාපාල මහත්මිය 2025 ජුනි මස 26 දින එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරින් භාර ගනු ලැබිණි.
ධූරයේ රාජකාරින් භාරගැනීමෙන් පසුව නව සභාපතිනිය එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් ඉදිරි කටයුකු සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය සූදානම පිළිබඳව සාකච්ඡාවක නිරත විය.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.