30th June 2025 22:29:09 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ජුනි මස 22 දින පොල්හේන්ගොඩ, රෙජිමේන්තු මූලස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක්, දේශනයක් සහ වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන ලදී.
මෙම අවස්ථාව අතරතුර, ශ්‍රියාල් ද සිල්වා මහතා සහ නිලක්ෂි ද සිල්වා මහත්මිය විසින් එම රෙජිමේන්තුවේ ආබාධිත සෙබළෙකු වෙනුවෙන් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියනයක්, කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ කලත්‍රයෙකු වෙනුවෙන් වෛද්‍ය ආධාරයක් සහ පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් සිදුකරනු ලබන ඉදිරි සුභසාධන වැඩසටහන් කිහිපයක් සඳහා මූල්‍යමය ආධාර ද ලබා දෙන ලදී.
වැඩසටහන අතරතුරදී මානව සම්පත්, අභිප්‍රේරණය සහ නායකත්ව සංවර්ධනය පිළිබඳ උපදේශක සුරනි වෙත්තසිංහ මහත්මිය විසින් පුද්ගලික සන්නාමකරණය පිළිබඳ දේශණයක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට යුද සේවා ලේකම් සහ පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP ndu psc, පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.