30th June 2025 16:14:03 Hours
මධ්‍යම පළාතේ වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ සංකල්පයකට අනුව පස්වන අදියර ලෙස මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේදී විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන් 2,000 කට ආසන්න සංඛ්‍යාවකට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා වෛද්‍ය කඳවුරක් 2025 ජුනි මස 27 දින සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රනී දිසානායක මහත්මිය ද එක් වූවාය.
මෙම උත්සවයට සමඟාමීව, සේවා වනිතා ඒකකය විසින් රෝද පුටු 20 ක් සහ ‘රොටරි සංවිධානය’ මඟින් රෝද පුටු 02 ක් පරිත්‍යාග කරන ලදී. තවද, සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ මඟපෙන්වීම මත සිංහ සමාජයේ සම්බන්ධීකරණයෙන් ජංගම දන්ත හා අක්‍ෂි සායනයක් සහ සියලු සහභාගිවන්නන් සඳහා දිවා ආහාරය ද සපයන ලදී.