29th June 2025 18:58:20 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ පාලනය වන පල්ලෙකැලේ, විරු කැකුළු පෙර පාසලේ 2025 ජුනි මස 27 දින විශේෂ සංචාරයක් සහ පරීක්‍ෂණයක් පවත්වන ලදී.
ආගන්තුක සත්කාරය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය, පෙර පාසල් දරුවන් දෙදෙනෙකු විසින් බුලත් හුරුල්ලක් දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුර දී යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය පෙර පාසල් පරිශ්‍රය සංචාරයක නිරත වූ අතර, එහිදී පෙරපාසල් දරුදැරියන් සමඟ සුහඳ පිළිසදරක නිරත වෙමින් දරුදැරියන් සහ පෙරපාසලේ කාර්ය මණ්ඩලය සමඟ ප්‍රීතිමත් අවස්ථාවන් බෙදා ගත්හ.
සංචාරය අවසන් කිරීමට පෙර, පෙර පාසලට සහ එහි දරුදැරියන් වෙත පරිත්‍යාග භණ්ඩ බෙදා දුන් අතර, මෙම අවස්ථාවට ආදරය සහ සහයෝගය දැක්වීමේ අර්ථවත් අවස්ථාවක් විය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ එම මැතිණිය, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් (සම්බන්ධීකරණ), සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සාමාජිකාවන් සහභාගි වූහ.