27th June 2025 15:20:51 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 ජුනි මස 21 දින එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ධ්‍යා ප්‍රේමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ නවීන විදුලි ඉවුම් පිහුම් උපකරණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ අනුග්‍රහයක දායකත්වය මත සූපවේදිනියක් මෙන්ම රූපවාහිනී සූපවේදී වැඩසටහන් සඳහා සහභාගී වන දුෂාන්ති මදනායක මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන් දැනුවත් කිරීමේ අරමුණ මෙම වැඩසටහන පැවැත් විය.
මෙම අවස්ථාවට සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් ජ්‍යෙෂ්ඨ නිලධාරන්, නිලධාරින්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ භාර්යාවන් සහභාගි වූහ.