28th June 2025 12:02:04 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනුපමා රත්නායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 ජුනි මස 25 දින පනාගොඩ, රෙජිමේන්තු මූලස්ථානයේදී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම දේශණය මහරගම ඉන්දිරා පිළිකා භාරයේ වෛද්‍ය ලංකා දිසානායක සහ ඇයගේ කණ්ඩායම විසින් මෙහෙයවන ලදී. එහිදී, මෙම කණ්ඩායම විසින් ප්‍රායෝගික පුහුණුවක් සමඟින් මුල් රෝග ලක්‍ෂණ සහ රෝග ලක්‍ෂණ වැළැක්වීමේ පියවර සහ TLC ක්‍රමය භාවිතයෙන් ස්වයං පරික්‍ෂාවේ වැදගත්කම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසු නිලයන් ඇතුළු 120 ක් පමණ සහභාගි වූහ.