27th June 2025 15:11:25 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 ජුනි මස 24 දින කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුණු හෘදයාබාධයකින් පෙළෙන දරුවෙකු වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
එම දරුවාගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රුපියල් 15,000 කට අධික මූල්‍ය පරිත්‍යාගයක් සිදුකෙරිණි. මේ වනවිට හෘද සැත්කම් සහ ස්නායු සැත්කම් පහක් එම දරුවාට සිදුකර ඇති අතර, අනාගතයේදී තවත් සැත්කම් කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇත. මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් එම දරුවාගේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා එම පවුලේ සාමාජිකයන් වෙත අවශ්‍ය සහයෝගය ද ලබාදුන්හ.