26th June 2025 12:46:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2025 ජුනි මස 22 දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකිරීමට යෝජිත බහුකාර්ය සුභසාධන සංකීර්ණය සඳහා මුල්ගල් තබනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මිය ඇතුළු එම ශාඛාවේ සාමාජිකාවන් විසින් එතුමියව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
උත්සවය අතරතුරදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය විසින් සුබ මෙහොතින් නව බහුකාර්ය සුභසාධන සංකීර්ණය සඳහා මුල්ගල් තැබිණි.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් අවශ්‍යතා සහිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් දෙදෙනෙකු වෙත රෝද පුටු පරිත්‍යාග කරන ලදී. පසුව, එම රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 58 දෙනෙකු වෙත ත්‍යාග වවුචර්පත් ප්‍රදානය කෙරිණි.
තවද එහිදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකය වෙත අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සහ උපකරණ පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP ndu psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, එම රෙජිමේන්තු සාමාජිකයන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.