Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th June 2025 15:57:24 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය වශයෙන් සුමංගලී පතිරවිතාන මහත්මිය 2025 ජුනි මස 20 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා සහභාගි වූ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් නව සභාපතිනිය වෙත සිය සුභපැතුම් පිරිනැමූහ.