25th June 2025 15:54:56 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 ජුනි මස 22 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැරඩයිස් ශාලාවේදී ‘සේවා වනිතා සිසු අභිමන් - 2025’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පැවැත්විණි. එහිදී, ගැමුණු හේවා බලකා සාමාජිකයන්ගේ දරු දැරියන්ගේ අධ්‍යයන ජයග්‍රහණයන් ඇගයීමට ලක්කෙරිණි.
මෙම වැඩසටහන අතරතුරදී, 2024 අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් ‘A’ සාමාර්ථ තුනක් ලබාගනිමින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් හය දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. එසේම එහිදී, ඔවුන් වෙත ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක යන්ත්‍ර පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ගැමුණු හේවා බලකා සාමාජිකයන් රැසක් සහභාගි වූහ.