23rd June 2025 16:40:20 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අප්සරා පීරිස් මහත්මිය 2025 ජුනි 03 වන දින එම ධූරයෙන් නික්ම යනු ලැබීය. එම නික්ම යාම වෙනුවෙන් පැවති උත්සවයේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකිරීමට නියමිත ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් වෙනුවෙන් 1 විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යටතේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ පුතෙකු වෙත රු. 165,000.00 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
තවද, එහිදී විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලස්ථානය - කොළඹ, රාජකාරි සිදුකරන කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ දියණියක වන නෙතුමිනි උමාෂා රත්සරණි දියණිය ජපානයේ පැවති ටයිකොන්ඩෝ ශූරතාවලියකට සහභාගී වී හිමිකර ගත් ජයග්‍රහණය අගය කිරීම සඳහා විශේෂ ත්‍යාගයක් ද පිරිනැමීය.