23rd June 2025 10:13:58 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 ජුනි මස 10 දින සිට 15 දින දක්වා ඉන්දීයාවේ නිල සංචාරයක නිරත විය.
සංචාරය අතරතුරදී, ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය විසින් ඉන්දීය යුද්ධ හමුදාවේ දූදරුවන් හා භාර්යාවන්ගේ සුභසාධන සංගමය මගින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ආරම්භකර ඇති ආශා පාසල මඟින් පවත්වාගෙන යනු ලබන සුභසාධන මධ්‍යස්ථාන කිහිපයක සංචාරය කරන ලදී. එහිදී එම දරුවන් විසින් සාදන ලද අත්කම් නිර්මාණයන් මෙන්ම අහවාන් ව්‍යපෘතිය යටතේ ඉන්දියානු හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන් විසින් නිර්මාණය කරන ලද භාණ්ඩ සහ ආශා පාසල යටතේ පවත්වාගෙන යනු ලබන විශ්වාස් නිපුණතා මධ්‍යස්ථානය ද නැරඹීය.