Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th June 2025 17:40:38 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ‘සිංහ දිරිය පියස’ ව්‍යාපෘති මධ්‍යස්ථානයෙහි නිල සංචාරයක

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මිය 2025 ජුනි මස 06 දින රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ නිෂ්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට සහ අලෙවි කිරීම සඳහා ඇති ‘සිංහ දිරිය පියස’ ව්‍යාපෘති මධ්‍යස්ථානයෙහි නිල සංචාරයක නිරත වූවාය.

මෙම සංචාරයේදී සභාපතිනිය විසින් එම ව්‍යාපෘති මධ්‍යස්ථානයෙහි ඇති කුරුඳු නිෂ්පාදන, සපත්තු නිෂ්පාදන, පොත් නිෂ්පාදන, දැව ශිල්ප, මැහුම්, සිමෙන්ති ආශ්‍රිත භාණ්ඩ නිශ්පාදන, ආපනශාලාව සහ බිතුසිතුවම් කලා කෘති වැනි ක්ෂේත්‍ර නිරීක්‍ෂණය කරමින් එ්වා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ලදී.