20th June 2025 17:45:04 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්ට උපහාර දැක්වීම සඳහා 2025 ජුනි මස 14 සහ 15 යන දිනයන්හිදී අනුරාධපුර නගරයේදී ‘රණවිරු මාපියවන්දනා - 2025’ නමින් විශේෂ අනුස්මරණ උත්සවයක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, එම රණවිරුවන්ගේ දෙමාපියන් ශ්‍රී මහා බෝධිය වන්දනා කළ අතර රුවන්වැලි මහා සෑයේ ධර්ම දේශනාවකට ද සහභාගි වූහ. පසුව ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අනුස්මරණ උත්සවයක් පැවැත්විණි. තවද, ථූපාරාමය සහ ජේතවනාරාමය ද ඔවුන් විසින් වන්දනා කරන ලදී.
අනුස්මරණ උත්සවයේදී එම දෙමාපියන් වෙත සිහිවටන ප්‍රදානයක් සහ ඔවුන්ගේ ගැටළු විසඳීම සඳහා වැඩසටහනක්ද පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.