20th June 2025 14:02:25 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මහනුවර රොටරි සමාජයේ අනුග්‍රාහකත්වය ඇතිව 2025 ජුනි මස 18 දින පාන්ගොල්ල, අබිමංසල 3 සුවතා නිකේතනයේදී ඇස් කණ්ණාඩි පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය.
වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, එහිදී සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් 256 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි පරිත්‍යාග කරනු ලැබිණි. තවද, එම සුවතා නිකේතනයේ ප්‍රයෝජනය සඳහා පොල් පැළ 300 ක් බෙදා දුන් අතර, නේවාසික රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා විදුලි රෝද පුටුවක් ද පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය රොටරි සමාජයේ සභාපතිනිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළාය. මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ මහනුවර රොටරි සමාජයේ කාර්යය මණ්ඩලය සහභාගී වූහ.