Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th June 2025 18:15:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පොසොන් පොහෝ දින වැඩසටහනක්

පොසොන් පොහෝ දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2025 ජුනි මස 10 දින කොළඹ, යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

එහිදී, මැදවච්චිය ධම්මජෝති හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ධර්ම දේශනාවක් පැවති අතර ඉන් අනතුරුව බත් සහ අයිස්ක්‍රීම් දන්සලක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඩී.ඩී.පී ලිලන්ති දොලගේ මහත්මියගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.