Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th June 2025 11:21:37 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අභිමංසල - 1 හි නිල සංචාරයක

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය 2025 ජුනි මස 09 දින අනුරාධපුරයේ අභිමංසල-1 සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූවාය.

මෙම සංචාරයේදී, වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ දෙවන අදියර ලෙස සභාපතිනිය විසින් නේවාසික රණවිරුවන්ගේ සංචලනය සහ සුවපහසුව වැඩි දියුණු කිරීම සඳහා රෝද පුටු 29 ක් සහ කිහිලිකරු 05 ක් පරිත්‍යාග කරන ලදී. තවද, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුවේ සහ චීනයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ස්නායු රෝග සඳහා විශේෂිත තාක්‍ෂණයක් වන මෙරිඩියන් චිකිත්සාව භාවිතා කරමින් රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලදී.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.