Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th June 2025 11:24:09 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් රණවිරුවන්ගේ දරුවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2025 ජුනි මස 09 දින අනුරාධපුර, ජය ශ්‍රී මහා බෝධි පූජා භූමි පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

පරිත්‍යාග වැඩසටහනේදී, 2024 වසරේදී අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් විද්‍යා හා කලා විෂය ධාරාවන්ගෙන් විශිෂ්ට දක්‍ෂතා දැක්වූ රණවිරුවන්ගේ දරුවන් තිදෙනෙකු වෙත උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කරනු ලැබූ අතර, ඒ සඳහා පූජ්‍ය බන්තේ කේ. ගුණරත්න හිමියන් විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී. එහිදී, අභිමංසල 1 සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ දරුවන් සඳහාද අත්‍යවශ්‍ය පාසල් උපකරණ ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි වූහ.