Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th June 2025 08:35:31 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් කොළඹ, යුද්ධ හමුදා රෝහලට රෝද පුටු පරිත්‍යාගයක්

පොසොන් පොහොය දිනට සමගාමීව, විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් කොළඹ, යුද්ධ හමුදා රෝහලට රෝද පුටු 10 ක් ප්‍රථිකාර ලබන සෙබළුන්ගේ භාවිතය සඳහා 2025 ජුනි මස 7 දින පරිත්‍යාග කරන ලදී.

බ්‍රිගේඩියර් තනිල්ක පෙරේරා (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් සහ ඉල්ලීමකට අනුව සෙනුර එන්ටර්ප්‍රයිසස් ආයතනයේ වීරසිරි සුරනිමල මහතා විසින් රෝද පුටු සඳහා අනුග්‍රහය දක්වන ලදී.