06th June 2025 13:08:42 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම අරමුණු කරගනිමින් 2025 ජුනි මස 05 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කාර්යාල පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් Aptech Investments ආයතනයේ සභාපති කේ.ඩී.ජී.බී.කේ ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් රෝද පුටු 20 ක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, ලෝක පරිසර දිනයට සමගාමීව Alliance Finance සමාගම වෙතින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පැළ 2000 ක් ද පරිත්‍යාග කෙරිණි.