Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th June 2025 15:23:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව හා 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය එ්කාබද්ධව 2025 මැයි මස 31 දින පුත්තූර් ප්‍රදේශයේ පිහිටි ශාන්ත ලූක් වැඩිහිටි නිවාසයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහනට සමගාමීව, එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රෝද පුටු සහ නව මෙට්ට පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP nps psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.