Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th June 2025 12:47:58 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2025 ජුනි මස 04 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කාර්යාල පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය. මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය සුභාෂිනී වීරසිංහ මහත්මිය විසින් ලබාදෙන ලදී.

මෙම වැඩසටහනේ දී, 2024 වර්ෂයේ අ.පො.ස. (උ/පෙළ) විභාගයේ ගණිතය හා විද්‍යා විෂය ධාරාවන්ගෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දරු දැරියන්ට ටැබ්ලට් යන්ත්‍ර හයක් පරිත්‍යාග කෙරිණි. එමෙන්ම, දැනට වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන රණ්‍ෂිතයට පත් විශ්‍රාමික රණවිරුවෙකුගේ දියණියක් වෙත ලැප්ටොප් පරිගණකයක් ද පරිත්‍යාග කරනු ලැබීය.