04th June 2025 17:50:09 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සමඟ සහයෝගයෙන් යුතුව 2025 මැයි මස 30 දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක් සඳහා පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව, එම ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙත පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඔවුන්ගේ දෛනික භාවිතය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය. පසුව, ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් වැඩසටහනක් ද පැවැත්වීය.
මෙම අවස්ථාව සඳහා යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP nps psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.