Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd June 2025 15:28:15 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හංසිකා මහලේකම් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 මැයි මස 31 දින වවුනියාව, මඩුකන්ද, මහමයිලකුලම් විරු මුතු පෙර පාසලේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

වවුනියාව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයන්හි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහනේදී රුපියල් 75,000.00 ක වටිනාකමකින් යුත් පාසල් බෑග්, වතුර බෝතල්, කුඩ සහ ලිපි ද්‍රව්‍ය බෙදාදෙනු ලැබිණි.

උත්සවය අතරතුරදී පෙර පාසලේ දරුවන් විසින් අලංකාරවත් නර්තන අංගයන් ඉදිරිපත් කරනු ලැබූ අතර, උත්සවයේ කටයුතු අවසන් කරමින් සහභාගිවූ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් ද පවත්වනු ලැබීය.