04th June 2025 12:05:10 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මැයි මස 31 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරින් දෙදෙනෙකුගේ ත්‍රිත්ව නිවුන් දරුවන් වෙනුවෙන් ළදරු කිරිපිටි පැකට් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ළදරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනේදී එම දරු දැරියන් වෙනුවෙන් මාස හතරක කාලයක් සඳහා අවශ්‍ය කිරිපිටි පැකට් පරිත්‍යාග කෙරිණි. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් රුපියල් 200,000 ක මූල්‍ය දායකත්වයක් ලබාදෙන ලදී.