31st May 2025 15:42:16 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මධුවන්ති අඹන්පොල මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මැයි මස 24 දින තිසාවැව ප්‍රදේශයේ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසල යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 68 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇගයීමට ලක්කරමින් ත්‍යාග පාර්සල් පිරිනැමීය. වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින්, ඔවුන් වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.