Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th May 2025 12:27:20 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් මානසික සුවතාවය වර්ධනය කිරීමේ වැඩමුළුවක්

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ මඟපෙන්වීම මත ගැමුණු හේවා බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් සඳහා මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩමුළුවක් 2025 මැයි මස 24 දින පවත්වන ලදී.

එම වැඩසටහනේදී, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ඕෂධ පෙරේරා මහතා විසින් මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරිම සඳහා විවිධ මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම් පුහුණු කිරීම හා එම ක්‍රියාකාරකම් එදිනෙදා ජිවිතයේදී යොදාගන්නා ආකාරය පිළිබඳව දේශනයක් සිදුකරන ලදී.