25th May 2025 15:10:29 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 2025 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා වූ මාසික සභා රැස්වීම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි මස 23 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ගොඩනැගිලි අංක 07 හි පළමු මහලෙහි පිහිටි බහුකාර්ය ශාලාවේදී පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම මාසික සභා රැස්වීම සඳහා සියළුම රෙජිමේන්තු නියෝජනය කරමින් එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන් සහභාගි වූහ. මාසික සභා රැස්වීම ආරම්භ කිරිමට ප්‍රථම මානව සම්පත් අභිප්‍රේරණ හා නායකත්ව සංවර්ධන උපදේශක සුරණි වෙත්තසිංහ මහත්මිය විසින් පැමිණි සිටි සේවා වනිතා සාමාජිකාවන් වෙනුවෙන් හරවත් දේශණයක් පවත්වන ලදී.
දේශණය අවසන් වීමෙන් පසු සියලුදෙනා එක්ව සේවා වනිතා ගීතය ගායනා කල අතර, මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වන ලදී. අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සුභසාධන සහ අනෙකුත් ක්‍රියාකාරකම් ඇතුළත් කෙටි වීඩියෝ පටය විකාශය කිරීමෙන් පසු න්‍යාය පත්‍රයට අනුව සභාවාරය ආරම්භ කල අතර, එහිදී සභාපතිතුමිය සභාව අමතමින් විධායක කමිටුවේ පුරප්පාඩු වූ තනතුර සඳහා ව්‍යවස්ථානුකූලව ජ්‍යෙෂ්ඨ සාමාජිකාව පත්කර ගැනීම සිදුකරන ලදී.
ඒ අනුව, උප ලේකම් තනතුර සඳහා ලිලන්ති දොලගේ මහත්මිය පත්කරන ලදී.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය සභාව ආමන්ත්‍රණය කරමින් මෙම ඒකකයේ ඉදිරි සැලසුම් සහ යෝජිත ව්‍යාපෘතීන් පිළිබඳව දැනුවත් කරන ලද අතර ගරු ජනාධිපතිතුමාගේ හා වත්මන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පයට අනුකූලව සියළු දෙනාම කටයුතු කළයුතු බව අවධාරණය කරන ලදී. තවද අනවශ්‍ය වියදම් කපාහැර එම වියදම් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු සඳහා පමණක් වැයකරන ලෙස රෙජිමේන්තු සේවා වනිතා ශාඛා සභාපතිනියන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදි.
ඉන්පසුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක ලේකම් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මේජර් සී.ටී ජෝශප් විසින් පසුගිය සභාවාරයේ වාර්තාව ඉදිරිපත් කරන ලද අතර, ආදායම් වියදම් වාර්තාව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් පී.ජී.පී.සී කුමාරි විසින් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් රණවිරු සුභසාධනය උදෙසා පැවැත්විය යුතු නව සුභසාධන වැඩසටහන් හා වාර්ෂිකව සිදුකර ගෙන යනු ලබන සුභසාධන ව්‍යාපෘතීන් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස පවත්වාගෙන යාම සඳහා අවැසි උපදෙස් ලබාදෙන ලදී.
ඉන් අනතුරුව, පැවති පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි වු අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ සේවා වනිතා ඒකක සභාපතිනිය විසින් රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධනය උදෙසා පරිත්‍යාග පිරිනැමීම සිදුකරන ලදි. ඒ අනුව යුද්ධ හමුදාවේ රාජකාරී නියුතු රණවිරුවන් දෙදෙනෙකු වෙත රු. 600,000.00 බැගින් වූ නිවාස ආධාර දෙකක්ද, අඩක් වැඩ නිමකර ඇති නිවසේ ඉතිරි වැඩකටයුතු නිමකර ගැනීම සඳහා රණවිරුවන් හයදෙනෙකු හට රු. 450,000.00 බැගින් අර්ධ නිවාස ආධාර හයක්ද, යුද්ධ හමුදා රාජකාරියේ නියුතු සිවිල් සේවක මහතෙකු සඳහා රු. 350,000.00 ක නිවාස ආධාරයක් සහ යුද්ධ හමුදා රාජකාරියේ නියුතු සිවිල් සේවක මහතුන් තුන්දෙනෙකු සදහා රු: 300,000.00 බැගින් වු අර්ධ නිවාස ආධාර තුනක් පරිනමන ලදී.
තවද, එහිදී යුද්ධ හමුදාවේ රාජකාරියේ නියුතු සිවිල් සේවක මහතෙකුගේ අසනීප තත්ත්වයෙන් පෙලෙන දරුවෙකු සඳහා ප්‍රතිකාර ලබාගැනීම වෙනුවෙන් රු:100,000.00 බැගින් වෛද්‍යාධාරයක් සහ රණවිරුවන් තිදෙනෙකුගේ දරුවන් වෙන කිරිපිටි/සනීපාරක්‍ෂක ද්‍රව්‍ය වෙනුවෙන් රු. 96,000.00 බැගින් වූ මුල්‍යාධාර තුනක් පිරිනමන ලදී. එමෙන්ම මීට පෙර පවත්වන ලද මාසික සභා රැස්වීම්හිදි නව නිවාස මුල්‍යාධාරයන්හි පළමු අධියර යටතේ මුල්‍යාධාර ලබාගත් රණවිරුවන් තිදෙනෙකු සඳහා එහි දෙවන අධියර යටතේ රු. 200,000.00 බැගින් නිවාස ආධාර තුනක්ද, රණවිරුවන් දෙදෙනෙකු සඳහා අර්ධ නිවාස ආධාරයන්හි දෙවන අධියර යටතේ රුපියල් රු. 150,000.00 බැගින් අර්ධ නිවාස ආධාර දෙකක්ද පිරිනමන ලදී.
මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රාජකාරියෙහි නියුතු ගර්භණි සෙබලියන් 135 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබාදීමේ වැඩසටහනක් සිදුකල අතර, එහිදී ගර්භණි සෙබලියන් 30 දෙනෙකු සඳහා සංකේතාත්මකව අත්‍යවශ්‍ය භාණ්ඩ හා උපකරණ පිරිනැමීම සිදුකරනු ලැබීය.
මාසික සභා රැස්වීමේ කටයුතු අවසන් කරමින් සියලු දෙනා එක්ව ජාතික ගීය ගායනා කරනු ලැබීය. පසුව පැමිණි සිටි ගර්භණී කාන්තා සෙබලියන් සහ පරිත්‍යාගලාභින් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත් වූ අතර, අනතුරුව සියලුදෙනා එක්ව සමුහ ඡායාරූපයන් සඳහාද පෙනී සිටිනු ලැබිණි.