24th May 2025 10:03:42 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් 2025 මාර්තු මස 21 දින කොළඹ ,යුද්ධ හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා දේශන ශාලාවේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදා රෝහලේ රුධිර අවශ්‍යතාවය සපුරාලීම අරමුණින් මෙහිදී යුද්ධ හමුදා සාමාජිකයන් 100 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කළහ.