Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd May 2025 20:41:02 Hours

16 වන ජාතික රණවිරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වැඩසටහන් මාලාවක්

16 වන ජාතික රණවිරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් ආගමික හා අධ්‍යයන කටයුතුවල නියැලෙන සාමනේර භික්‍ෂූන් වහන්සේලා 75 නමක් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. මෙම පරිත්‍යාග වැඩසටහනෙන් අනතුරුව, 2025 මැයි මස 18 දින කුරුණෑගල සිරි සංඝරාජ පිරිවෙනේදී දානමය වැඩසටහනක් ද පැවැත්වීය.

මෙම වැඩසටහන අතරතුරදී, දිවංගත වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සහ මේ වනවිට පිළිකා හා අනෙකුත් බරපතල රෝගාබාධයන්ගෙන් පෙළෙන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සාමාජිකයන්ගේ දරු දැරියන් වෙත ආශිර්වාද එක්කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.